අගමැති කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරයට එක්වෙයි

චීනය, විවිධ ආක්‍රමණ වලට ලක්වුවා මිස වෙනත් රටවල් ආක්‍රමණය නොකල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය, ඊයේ අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේත් මෙරට වාමාංශික ව්‍යාපාරයේත් සහය හේතුවෙන් අපට නොබැදි ජාතියක් ලෙස ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බවයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පමණක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.

මීට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද චීන කොමියුනිස්ට් පක්ෂ 100 වන සංවත්සරය සැමරීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වුණා.