හෙට සහ අනිද්දා ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

හෙට සහ අනිද්දා දෙදින තුළ දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව තොග වෙළදාම් සිදුකරන පුද්ගලයින්ට සහ ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර අඹ කැඩීම සඳහා ගමන් කරන ලොරි රථවලට අවශ්‍ය බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් මිනුවන්ගොඩ අවට ප්‍රදේශ කිහිපයක අඹ කර්මාන්තයේ නියැලෙන පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.