ශානි අබේසේකරට ඇප

අභියාචනාධිකරණය විසින් මීට ටික වෙලාවකට පෙර හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට සහ තවත් පුද්ගලයෙකුට ඇප ලබා දී තිබෙනවා.

ඒ දැඩි ඇප කොන්දේසි යටතේයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නීතිඥයෙකු මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඒ අනුව ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශත වීම ද තහනම් කෙරුණා.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගිය බවට ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනා මත ගම්පහ මහාධිකරණය මගින් කළ නියෝගයකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනා.

රහස් පොලිසිය මගින් අදාල සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ගම්පහ මහාධිකරණයෙන් චෝදනා ගොනුකළ අතර පසුගිය දෙසැම්බර් මාසයේදී හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.