ඉන්දියාව අභිබවා බ්‍රසීලය ඉදිරියට
සති කිහිපයකට පසු ලොව වැඩිම දෛනික මරණ සහ ආසාදිතයන් වාර්තාවීම අතින් ඉන්දියාව අභිබවා බ්‍රසීලය ඉදිරියට පැමිණ තිබෙනවා.
ගතවූ පැය විසි හතරේ බ්‍රසීලයෙන් මරණ 2,760 ක් සහ ආසාදිතයන් 88,992 ක් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉන්දියාවේ දෛනික මරණ සහ ආසාදිතයන් වාර්තාවීම මේ වනවිට සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුව ඇති අතර, ගතවූ පැය විසි හතරේ එරටින් වාර්තාවූයේ මරණ 1,470 ක් සහ ආසාදිතයන් 62,226 ක් පමණයි.
ලොව කොරෝනා ආසාදිතයන් 17 කෝටි 73 ලක්ෂ අනූදහස් හතළිස් හතක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වුණේ 38 ලක්ෂ 37,481 ක් ලෙසයි.