රක්නාලංකා සමාගමේ ගාල්ලේ කාර්යාලයක උපකරණ තොගයක් සොරා ගැනේ

ගාල්ල – මාගාල්ල ප්‍රදේශයේ පිහිටි රක්නා ලංකා සමාගමේ සමුද්‍රීය ආරක්ෂක ඒකකයේ කාර්යාලය ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් බිද දමා එහි තිබූ වටිනා දේපළ සොරාගෙන තිබෙනවා.

කාර්යාලයේ ජනේලයක් බිද එහි තිබූ දුරදක්න 3ක්, පරිගණක මොනිටර් 3ක්, යතුරු පුවරු දෙකක් සහ එක් අත්විලංගුවක් ද සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සංචරණ සීමා හේතුවෙන් එම කාර්යාලයේ මුරකරු පැමිණ නොසිට ඇති අතර අධික වර්ෂාව පවතින අවස්ථාවකදියි මෙම සොරකම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.