ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් ලැයිස්තුවට

මිලිලීටර 400 ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම වර්ගයේ ලන්ච් ෂීට්, කෘත්‍රිම තෘණ ඇතිරිලි, ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඒ අනුව එක්වරක් භාවිත කරන බීම බට, ආහාර කළතන, ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් සඳහා භාවිතා කරන හැඳි, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික් මල්මාලා, හඳුන්කූරු සහ පහන්තිර අසුරණ ද මෙලෙස තහනම් ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම ප්ලාස්ටික් හා පොලිතින්වලින් නිෂ්පාදිත අඟල් 10 පළල, අඟල් හතර සහ දහ හත ප්‍රමාණවලට අඩු සිලි බෑග්, ෂොපින් බෑග් සහ ග්‍රොසරි බෑග් ද එම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.