කෝප් කමිටුව ලබන 22 රැස්වේ
ඒ, එහි සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්. 9 වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා දෙක මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සඳහා දෙන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරෙනු ඇති.
එසේම ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිත ආයතන මොනවාද යන්න පිළිබදව මෙහිදී තීරණය කෙරෙන අතර ඔන්ලයින් ක්‍රමවේදය හරහා එම සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.