අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරියට ස්ථාන මාරුවක්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසුරිය පොලිස් මූලස්ථානයේ සුබසාධක කොට්ඨාශයට මාරු කර යවා තිබෙනවා.
ඇයගෙන් හිස්වූ එම ධුරය සඳහා නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ, එච්. නුවන් අසංග පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සුබ සාධක කොට්ඨාශයේ කටයුතු කළ නිලධාරියා පොලිස් මූලස්ථානය වෙත යොමු කර ඇති බව ද සදහන්.