වේල්සය සහ රුසියාව පළමු ජය වාර්තා කරයි

2020 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ සහ අද (17) පැවැත්වුණා.

එහි දී ෆින්ලන්තය සමග රුසියාවත්,තුර්කිය සමග වේල්සයත් ස්විස්ටර්ලන්තය සමග ඉතාලිය තරග වැදුනා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රුසියාවේ ශාන්ත පීටස්බර්ග් හී කෙරෝස්ටෝව්ස්කි පිටියේ පැවති රුසියාව සහ ෆින්ලන්තය අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ෆින්ලන්තය පරදවා යුරෝ කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය ලබා ගැනීමට රුසියාව සමත් වුනා.

අසර්බයිජානයේ බාකු නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී තුර්කය සහ වේල්සය තරග වැදුනා.

මේ තරගයෙන් ගෝල 2-0ක් ලෙස තුර්කිය පරදවා වේල්ස් ක්‍රීඩකයන් ජය ගත්තේ මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය ලෙසටයි.

ඉතාලියේ ඔලිම්පිකෝ ක්‍රීඩාංගණයේ පැවති ඉතාලි කණ්ඩායම සහ ස්විස්ටර්ලන්තය අතර තරගයේ ජය හිමිවුණේ සත්කාරක ඉතාලි කණ්ඩායමටයි.

ඒ ස්විස්ටර්ලන්ත කණ්ඩායම පරදා ගෝල 3-0 ක් ලෙස.