ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවයි

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ගතවූ පැය විසි හතර තුළ ලොව පුරා නව ආසාදිතයන් තුන්ලක්ෂ අසූ තුන්දහස් 216 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව ලොව පුරා මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 178,195,929 ක් ලෙසයි.

දෛනිකව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ දිනයේදී වාර්තාවී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර, එම සංඛ්‍යාව 74,327 ක්.

එමෙන්ම මාස හතරකට පසු පළමු වරට බ්‍රිතාන්‍යයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දස දහස ඉක්මවා වාර්තාවී තිබෙනවා, ඒ, 11,007 ක් ලෙසයි.

මේ අතර ඔලිම්පික් තරගාවලියට සති පහකට පෙර පවතින කොරෝනා තත්වය හමුවේ ජපානයේ ටෝකියේ අගනුවරට පනවා ඇති හදිසි තත්වය ඉවත් කිරීමට සැළසුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.