නිරෝධායන නීති කැඩූ තවත් 1390ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ තවත් පුද්ගලයන් 1390ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එහිදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටියෙන් වන අතර එම සංඛ්‍යාව 172ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේම මාතලේ ප්‍රදේශයෙන් 133ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 121ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස සිට මේ දක්වා ලසීමාව තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 38,311ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර බස්නාහිර පළාත් සීමා මාර්ග බාධකවලදී පුද්ගලයන් 6,797ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී පරීක්ෂාවට ලක්වූ වාහන සංඛ්‍යාව 3374ක්.

එහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයන් 108කු නැවත හරවා යැවීමට කටයුතු කළ බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ

මේ අතර අද දිනයේද කොළඹ මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිතව නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා විශේෂ ඩ්‍රෝණ කැමරා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.