වෛද්‍ය නිලවරණය ගැන චෝදනාවක්
සංචරණ සීමා උල්ලංගණය කරමින් මෙවර වෛද්‍ය සංගම් නිළවරණය පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් පරිපාලනය, කටයුතු කරමින් සිටින බවට එහි ලේකම් ධුරයට තරඟ කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු චෝදනා කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාර අධ්‍යක්ෂවරයා ද වන ඔහු කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ වෙනත් පාර්ශවයක් නිළවරණයට ඉදිරිපත් වන අවස්ථාවලදී ඔවුන්ට බාධා වන අයුරින් වත්මන් පරිපාලනය කටයුතු කරමින් සිටින බවයි.
වෛද්‍ය සංගම් නිලවරණය ලබන 26 වන දා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහි ලේකම් ධුරයට, නියෝජ්‍ය ලේකම් ධුරයට මෙන්ම සංස්කාරක ධුරයට දැනට එම ධුර දරන නිලධාරී කණ්ඩායමට අමතරව වෙනත් පාර්ශවවලින් ද අපේක්ෂකයින් ඉදිරිපත් වී සිටිනවා.