බලන්ගොඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී රියදුරු මරුට
බලන්ගොඩ – රාස්සගල මාර්ගයේ ඇල්ලේවත්ත ප්‍රදේශයේදී බස් රථයක් අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, ගිලන් රථයකින් අදාළ රියදුරු රෝහල් ගත කිරීමට රැගෙන යන අවස්ථාවේදියි ඔහු මෙලෙස මියගොස් ඇත්තේ.
ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකට සේවකයින් ප්‍රවාහනය කරන මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ සේවකයින් නිවෙස්වලට රැගෙන ගොස් යළි පැමිණෙමින් සිටියදියි.
එම අවස්ථාවේ බස් රථයේ සිට ඇත්තේ අනතුරින් මියගිය රියදුරු පමණයි.