දක්ෂිණ අධිවේගයේ බස් සේවකයින් අර්බුදය

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ගමනාගමන කොමිසම විසින් දිගින් දිගටම නීතිරීති පැනවීම හේතුවෙන් තම සාමාජිකයන් දැඩි අර්බුදයකට මුහුණදී ඇති බව දක්ෂිණ අධිවේගී බස් රථ සංගමය පවසනවා.

එහි සභාපති ඒ.එස්. ධම්මික ප්‍රකාශ කළේ නිල  ඇඳුම් ලබාදීම, හැඳුනුම්පතක් ලෙස පවසමින් කාඩ්පතක් ලබාදීම වැනි වැඩපිලිවෙලවල් යටතේ මුදල් අයකිරීමක් ද සිදුවන බැවින් ඊට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී විරෝධතාවකට යොමුවන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!