පහරදීමේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මෙරට ධීවරයන් පිරිසකට පහරදුන් බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඔවුන් පවසන්නේ ඉතා විනයගරුක හා වෘත්තීය හමුදාවක් වන තම නාවික හමුදාව විසින් ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළවන වාර්තා සහමුලින්ම අසත්‍ය බවයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවරයින් සම්බන්ධ සියලු ගැටලු මානුෂීය ආකාරයකින් විසඳීමට ඉන්දියාව දැඩි ලෙස කැපවී සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් අප වෙත තොරතුරු වාර්තා වූයේ පසුගිය 7 වන දා වත්තල – දික්ඕවිට වරායෙන් බහුදින යාත්‍රා දෙකකින් පිටත්ව ගිය ධීවරයින් පිරිසකට මෙලෙස ඉන්දීය නාවික හමුදාවෙන් පහරදීමක් සිදුව ඇති බවටයි.
අදාළ ධීවරයින් චෝදනා කළේ මත්ද්‍රව්‍ය සහ චන්ද්‍රිකා තාක්ෂණ දුරකථන ඇත්දැයි විමසමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉන්දීය නාවික හමුදාව විසින් තමන්ට පහරදුන් බවටයි.
ධීවරයින් 13 දෙනෙකු මෙලෙස පහර කා ඇති අතර, ඉන් 3 දෙනෙකු ඊයේ (17) දහවල් යළි දික්ඕවිට වරායට පැමිණීමෙන් පසු ගිලන් රථ මගින් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.