57,000 ඉක්මවූ පිරිසකට ඊයේ කොරෝනා එන්නත්
එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පුද්ගලයන් 57,371 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 11,349 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 43,040 ක්.
කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද 107 දෙනෙකුට ලබාදී ඇති අතර, ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2,875 දෙනෙකුට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.