එජාපයෙන් පාර්ලිමේන්තු යා යුත්තේ රනිල් නොව තමන් බව ජෝන් අමරතුංග කියයි
ජාතික ලැයිස්තුවට අනුව පාර්ලිමේන්තුවට යා යුත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නොව තමා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග ප්‍රකාශ කළා.
රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කිරීමත් සමඟ ජෝන් අමරතුංග කණස්සල්ලෙන් පසුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.
තමා මේ වනවිට පක්ෂයේ සංවිධායක තනතුරුවලින් මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ද ඉවත්වී ඇති බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.