මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කෙරේ
හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරන බවය.
හෙරොයින් සමඟ උප පොලිස් පරීක්ෂකවරයා හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (18) පොලිස් අත්අඩංගුවට ගැණුනි.
ඒ කොළඹ පොලිස් මුලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදිය.
මීට සති කිහිපයකට පෙර ලද තොරතුරකට අනුව කොළඹ පොලිස් මුලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් ඊයේ විශේෂ මෙහෙයුමක් දියත් කළේ දකුණු පළාතේ හබරාදුව, වැලිගම, හික්කඩුව හා බද්දේගම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමිනි.
මෙහෙයුම අතරතුරදී හික්කඩුවේ සිට බද්දේගම අධිවේගි පිවිසුම දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 52ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගෝනපිනුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිමට හැකිවිය.
එහිදි අනාවරණ වි තිබුණේ ඔහු කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් බවය.
ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව අදාළ හෙරොයින් තොගය භාර ගැනිමට සුදානමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුගිරිය අධිවේගි පිවිසුම අසල දී පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබේ.