ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ අවසන් මහා තරඟය ඇරඹෙයි

ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ වෙතත් අවසන් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරඟය ආරම්භ කිරීමට නියමිත තිබූ ඊයේ දිනයේදී තරඟය ඇරඹීමට අවස්ථාව හිමි වුණේ නැහැ.

මෙම තරඟය වෙනුවෙන් අමතර දිනයක් වෙන්කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කල්තියාම පියවර ගෙන තිබීම හේතුවෙන් තරඟය ඊයේ දිනයේදී ආරම්භ කරන්නට නොහැකි වුවද, අද ආරම්භ වූ තරඟය නියමිත පරිදි දින 05 ක්‍රීඩා කරන්නට ඉන්දියාවට සහ නවසීලන්තයට හැකිවනු ඇති.

තරඟය එංගලන්තයේ සවුත්හැම්ටන්හි හැම්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.