සංචරණ සීමා ලිහිල් කිරීම ගැන වෛද්‍ය සංගමයේ කනස්සල්ල
ජූනි 28 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකරණ ලෙසට ඉල්ලා සිටි පසුබිමක 21 සිට 23 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් කර 23 සිට 25 වනදා දක්වා යළි පැනවීමට ගත් තීරණය පිළිබඳ තම සංවිධානය කණස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් කියා සිටියේ දෛනික ආසාදිතයන් 2,000 ඉක්මවීම සහ දිනකට මරණ 50ක් පමණ වාර්තාවීම මෙන්ම මාරාන්තික ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් හමුවන තත්ත්වයක එම තීරණය ගැනීමට පාදක වූ කරුණු පිළිබඳව තමන්ට අපහැදිලිතාවක් පවතින බවයි.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කර සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ජනතාව සෞඛ්‍ය නීති රීති කඩ කරමින් හැසිරුණහොත් ඒ හරහා රෝගය තවදුරටත් ව්‍යාප්ත වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.