රජය, තෙල් සංස්ථාව සඳහා ඩොලර් බිලියනයක ණයක් ගැනීමට සැරසේ
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණදී සිටින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් විදේශීය ණය සපයන ආයතනවලින් ලබාගැනීමට රජය තීරණය කර තිබෙනවා.
එම මුදල, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශීය ණය පියවා ගැනීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සඳහන් කළේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, තෙල් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.081ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.
එම ණය ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් ගෙවීමටයි සිදුව ඇත්තේ.
ඒ අනුව ලබාගැනීමට තීරණය කර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල පිරිනැමීම සඳහා ණය සපයන ආයතන හතරක් පමණ මේ වනවිට කැමැත්ත පළ කර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ කේ.ඩී.ආර්. ඔල්ගා සඳහන් කළේ.
ඔවුන්ගේ යෝජනා මේ වනවිට කමිටුවක් මගින් සළකා බලමින් සිටින බවද අමාත්‍යාංශ ලේකම්වරිය කියාසිටියා.
පසුගියදා රජය විසින් පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් මිලද ඉහළ දැමූ අතර, ඊට එරෙහිව අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වෙනවා.