ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට අලුයම හතරේ සිට හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට (21) අලුයම 4රේ සිට බල පැවැත්වෙන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩෙල්ටා නව ප්‍රභේදය හඳුනා ගැනුණු කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ පොලිස් වසමේ ආරාමය පෙදෙස, 66 වත්ත, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පොලිස් වසමේ යටියන, මීගහවත්ත පොලිස් වසමේ සියඹලාපේ වත්ත, කිරිබත්ගොඩ – නාහේන ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කෙරෙනු ඇති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි පොලිස් වසමේ නව වලතපිටිය ගම්මානය, මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පොලිස් වසමේ එරාවූර් ග්‍රාම නිලධාරී වසම, වාලච්චේන පොලිස් වසමේ මීරවෝදි නැගෙනහිර, මීරවෝදි බටහිර, මැන්චකෝලායි බදුරිය යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරෙනු ඇති.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් වසමේ දාපනේ, රත්නපුර පොලිස් වසමේ කැලඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලෙකන්දවත්ත  සහ කොට්ටල යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කෙරෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර – උතුර පොලිස් වසමේ මහවස්කඩුව – දකුණ, කළුතර – දකුණ පොලිස් වසමේ මින්නේරිතැන්න සුනාමි ගම්මානය ද හුදෙකලා කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ.

එසේම යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි පොලිස් වසමේ සාවටිකඩ්ඩු ග්‍රාම නිලධාරී වසම මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල පොලිස් වසමේ දෙමදඔය, නිකගොල්ල, නිකගොල්ල –  උතුර, යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ලග්ගල පොලිස් වසමේ කිවුලවාඩිය සහ ගුරුවෙල යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කෙරෙනු ඇති.

පුත්තලම දිස්ත්‍රික්කයේ හුදෙකලා කෙරෙනු ලබන්නේ මාදම්පේ පොලිස් වසමට අයත් මරක්කලගම ග්‍රාම නිලධාරී වසමයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන පොලිස් වසමේ කැරොලිනා වතුයායට අයත් කඩවල වත්ත කොටස, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව පොලිස් වසමේ ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් වසමේ පැලෑන දකුණ හෙට (21) උදෑසන 4 සිට හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

එසේම දිස්ත්‍රික්ක 12කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 82ක් හෙට අලුයම 4 සිට හුදෙකලා භාවයෙන් ඉවත් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.