වෙලාව එනතුරු බලා සිටි නවසීලන්ත අගමැතිනී එන්නත ලබාගනී
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා අර්ඩ්න් පසුගිය සිකුරාදා කොරෝනා මර්දන එන්නතේ සිය පළමු මාත්‍රාව ලබාගත්තා.
ඒ නවසීලන්තය තුළ ක්‍රියාත්මක වන ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේයි.
නවසීලන්තය සැළකෙන්නේ කොවිඩ් මර්දනයට අතිශය සාර්ථක පිළියම් අත්හදා බැලූ රටක් ලෙසටයි.
දැඩි සංචරණ නීති රීති හරහා සීමා පනවමින් එරට දේශසීමා ගුවන්තොටුපොළවල් වසා දමා නවසීලන්තය තුළ කොවිඩ් 19 පැතිරීම සහමුළින්ම පාළනය කරන්නට 40 හැවිරිදි ජසින්ඩා අර්ඩ්න් අගමැතිවරිය සමත්වුණා.
කෙසේ වෙතත් මේ සියලු පැසසුම් මධ්‍යයේ එරට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මන්දගාමී බවටත් චෝදනා එල්ලවනවා.
නවසීලන්තයේ වෙලිංටන් නුවරදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලබාගත්තේ සිනහමුසු මුහුණින්.
තමා දෙසට යොමුකර ඇති වීඩියෝ කැමරාවලට අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මම මුව වැස්මට යටින් සිනාසෙනවා යනුවෙන්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියාසිටියේ ඇයට කිසිම අවස්ථාවක පළමුව එන්නත් ලබාගත් අය අතරට එක්වීමට වුවමණාවක් නොතිබූ බවයි.
එම අවස්ථාව අත්‍යාවශ්‍යයෙන්ම හිමිවිය යුත්තේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන්ට බවයි ඇය කියාසිටියේ.
එමෙන්ම මෙම වැඩපිළිවෙලේදී රටේ අග්‍රාමාත්‍යවරිය ලෙස පූර්වාදර්ශයක් සැපයිය යුතු නිසා සිය නියමිත අවස්ථාව එළඹෙන තුරු බලාසිටි බවත් ඇය කියා සිටියා.
එමෙන්ම අවස්ථාව ලද පසු එන්නත ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදුකළයුතු බවටත් ඇය නවසීලන්ත ජනතාවගෙන් ඉල්ලාසිටින්නටත් අමතක කළේ නැහැ.
ඇය මාධ්‍යවේදීන් සමඟ පැවති කෙටි කතාබහ අමතක කළේ “ඇත්තටම එන්නත්කරණය වේදනාකාරී එකක් නෙවෙයි. ඒක මට හොඳින්ම වැටහුනා” යැයි පවසමි.