කෝටි 20000ක පරිපූරක ඇස්තමේන්තුව ගැන විවාදය ලබන 23
කොරෝනා වෛරසය පාලනය කිරීම සහ රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට ඉදිරිපත් කර ඇති රුපියල් කෝටි 20,000 ක පරිපූරක ඇස්තමේන්තුව අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, හෙට දිනයේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත හා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගනු ඇති.