සරසවි සිසුන් ගාල්ලේ විරෝධතාවක

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට අද දහවල් විරෝධතාවක නිරත වුණා.
පසුගිය 2018 වසරේ යහපාලන ආණ්ඩුව ද මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට උත්සාහ කළ බවත් නැවතත් එය වත්මන් රජයට ගෙන ඒමට ඉඩ නොදෙන බවයි ඊට එක්ව සිටි සිසු ජන ව්‍යාපාරයේ කැදවුම්රු පූජ්‍ය පේරකැටියේ සුදස්සී හිමියන් ප්‍රකාශ කළේ.