ෂැංහයි සහයෝගීතාව සංවිධානයේ රටවල සමුළුව හෙට ඇරඹේ

ෂැංහයි සහයෝගීතාව සංවිධානයේ රටවල සමුළුව හෙට තජිකිස්ථානයේ ඩුෂන්බේ අගනුවරදී ආරම්භවීමට නියමිතයි.

චීනය, ඉන්දියාව, රුසියාව, පාකිස්ථානය, තජිකිස්ථානය, උස්බෙකිස්ථානය, කිරිගිස්ථානය යන රටවල ආරක්ෂක උපදේශකයන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම සමුළුවේදී පාකිස්ථාන ආරක්ෂක උපදේශකවරයා න්‍යාය පත්‍රයේ ඇතුළත් නොවූ කරුණු සාකච්ඡාවට ගැනීමත් සමඟ සාකච්ඡාවෙන් ඉවත්ව යාමට ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පියවර ගත්තා.

එම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ පාකිස්ථාන ආරක්ෂක උපදේශක මොයිඩ් යූසු මෙහිදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.