හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගැනීමේ සුදානමක්

හෙලිකොප්ටරයක් මෑතකදී ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයා තමන් බව රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර මහතා පවසනවා.

ළඟදීම අන්තර්ජාතික ගුවන් සේවයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බවද පවසන ඔහු පෞද්ගලික ගුවන් යානාවක් සහ හෙලිකොප්ටර කිහිපයක් ද මිලදී ගැනීමට සූදානම් බව ද කියා සිටියා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තමන් ලග ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුදල් යයි එල්ල වන චෝදනා ඔහු ප‍්‍රතික්‍ෂෙප කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.