උඩුදුවන පොහාර ගැටලුව

ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට එළවළු පොහාර ලබා ගැනීමට පැමිණි ගොවීන් හා නිලධාරින් අතර අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ගොවීන් චෝදනා කළේ ගොවිජන සේවා නිලධාරින් පිටස්තර පුද්ගලයින්ට පොහොර විකුණන බවයි.
ඇඹිලිපිටිය ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අද ගොවීන් විශාල පිරිසක් පොහොර ලබාගැනීම සදහා පැමිණ සිටියා.
කෙසේ වෙතත් ගොවිජන සේවා නිලධාරින් පොහොර බෙදාදීම සම්බන්ධයෙන් මෙලෙස දැනුම්දීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මේ අතර, වත්මන් පොහොර අර්බුදය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා.