ප්රති වෛරස මෘදුකාංගය හඳුන්වා දුන් ජෝන් මැකාෆි මිය යයි

පළමු වානිජ ප්රති වෛරස මෘදුකාංගය ලොවට හඳුන්වාදුන් ජෝන් මැකාෆි මියගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයේ බාසිලෝනා හි බන්ධනාගාර සිර මැදිරියකදී ඔහුගේ මළ සිරුර සොයාගැනුනේ බදු පැහැර හැරීමේ චෝදනාවකට ඔහුව ඇමරිකාවට පිටුවහල් කිරීම සඳහා ස්පාඤ්ඤ අධිකරණයක් මගින් නියෝගයක් ලබාදී පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.
තාක්ෂණික ලෝකයේ මතභේදාත්මක චරිතයක් වූ ජෝන් මැකාෆි නිර්මාණය කළ මැකාෆි ප්රති වෛරස මෘදුකාංගය ලොව පුරා ජනප්රිය වුණා.