වර්තමානයේ පාතාල ක්‍රියාකාරකම් අඩුයි
වර්තමානයේ වන විට මෙරට බෝහෝ පාතාල ක්‍රියාකාරකම් අඩුවි ඇති බවත් නිවරැදි දේ කරන පොලිස් නිලධාරින් වෙනුවෙන් තමන් පෙනි සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් විරසේකර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පානදුර පිංවත්ත නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවකට එක්වෙමිනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “හැමතිස්සෙම පොලිස් නිලධාරින්ට කියන්නේ හරි දේ කරන්න .හරි දේ කරලා වැරදුනොත් මම ඒ අය වෙනුවෙන් පෙනි සිටිනවා. තමන්ගේ මුදල්වලින් නඩු කියන්න මම ඉඩ දෙන්නේ නෑ” යනුවෙනි.