අයුක්තිය රජ කරවූ පාලනයකින් දුන් නඩු තීන්දුවට අද යුක්තිය ඉටුවෙද්දී හිත රිදුනු දේශපාලන හෙන්චයියෝ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළ වරදට සිර ගතව සිටි කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ නිදහස් කෙරුනා.
ඒ ජනාධිපති පොදු සමාවක් යටතේයි.
කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සුවිශේෂි කාර්‍යභාරයක් ඉටුකලා.
2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ දිනයේදී කොලොන්නාව වල්පොල හන්දියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අතර වෙඩි හුවමාරුවක් වනවා.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ ඔහුගේ රැකවලුන් තිදෙනෙක් මිය ගියා.
2011 ඔක්තෝබර් 8 වැනිදාසවස 03:30 ට පමණ සිදුවූ මෙම වෙඩි හුවමාරුවේ දී හිසට වැදුණු වෙඩි පහරකින් බරපතළ තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට රැගෙන එනවා.,
එහිදී සිදුකරන ලද මූලික ප්‍රතිකාර වලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කලා.
දීර්ඝ කලක් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලැබූ දුමින්ද සිල්වා සුවය ලබා නැවත මෙරටට පැමිණ සුපුරුදු මහජන සේවයේ නිරත වන්නට වුනා.
2011 ඔක්තෝබර් 8 වැනිදා සිදු වූ මෙම සිද්ධිය
සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙක් විත්තිකරුවන් කරමින් නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට අපරාධ චෝදනා ද ඇතුළු චෝදනා 17ක් යටතේ කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කරනවා.
2015 මැයි 22 වැනිදා මෙම නඩු විභාගය ආරම්භ වෙනවා.
වසරකට මදක් වැඩි කාලයක් විභාග කෙරුණු මෙම දීර්ඝ නඩු විභාගයේදී සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් හතළිස් දෙදෙනකු (42) අධිකරණයට කැඳවා හරස් ප්‍රශ්න කිරීම් සිදුකෙරුණා.
ඊට අමතරව මෙම නඩු විහහගය සදහා ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තා ද ඇතුළු විවිධ වාර්තා සංඛ්‍යාව 126ක්.
ඒ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ රජයේ රස පරීක්ෂක ගේ වාර්තාවන් ද ඇතුළත්.
පුරා වසරකුත් මාස දෙකකට ආසන්න කාලයක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් කෙරුණේ 2016 වසරේ ජූලි මස 14 වැනිදායි.
2016 ජූලි 14 වන දින අවසන් කෙරුණු නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2016 වසරේ සැප්තැම්බර් මස 8 වැනිදායි.
මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සභාපතිත්වය දැරූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බෙදීගිය තීන්දුවක් ලෙස එය ප්‍රකාශයට පත් කෙරුණා.
සභාපති විනිසුරුවරයා චූදිතයින් සියලු දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර පද්මිණි එන් රණවක සහ එම්.සී.බී.එස් මොරායස් යන සෙසු විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සහ තවත් සිවු දෙනෙක් වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දඩුවම පනවමින්.
පසුව කොළඹ මහාධිකරණයෙන් ලබා දුන් මෙම තීන්දුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා උපරිමාධිකරණයේ අභියාචනයක් ගොනු කරනවා.
මෙම අභියාචනය විභාගයට ගැනෙන්නේ එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල මිනිස් විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එහිදී සිදුකෙරුණු නඩු විභාගයෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරන්නේ ද මහාධිකරණ තීන්දුව නිවැරදි බවටයි.
මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිස බන්ධනාගාර ගත කෙරෙනවා.
කෙසේ වෙතත් මෙම වෙඩි හුවමාරූවේදී පළමු වෙඩි පහර වැදි බිම වැටුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතකයා වන්නේ කෙසේද යන්න සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වුණා.
මේ අතරේ සමාජයට කාන්දු වූ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රහසේ පටිගතකල දුරකථන ඇමතුම් රැසක් සමගින් දුමින්ද සිල්වා නඩු තීන්දුව පිළිබඳව කතා බහ නැවතත් කරලියට එනවා.
මෙම දුරකථන සංවාද අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, දුමින්ද සිල්වා සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සිදු කළ පොලිස් අධිකාරී ශානි අබේසේකරට දුරකථන ඇමතුම් ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පිළිබඳ නඩු තීන්දුවට බලපෑම් සිදු කරන ආකාරය සමාජයට හෙළිදරව් වුණා.
එතැනින් නොනවතින රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, දුමින්ද සිල්වා නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුළු සාමාජිකාවක වන
විනිසුරු පද්මිණි එන් රණවකට දුරකථනයෙන් අමතා විවිධ බලපෑම් සිදු කරන ආකාරය පිළිබඳවත් හෙළිදරවු කෙරුණා.
මේ අනුව සමාජයේත් දේශපාලන පොර පිටියේත් දැඩි කතාබහක් නිර්මාණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අසාධාරණ ලෙස බලපෑමට ලක් කර සිරගත කර ඇති බවටයි.
මේ ආන්දෝලනාත්මක හඬ පට සමාජ මාධ්‍ය ඔස්සේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විකාශය වීමත් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවට ප්‍රබල හඬක් සමාජයේ සිවිල් ක්‍රියාකාරීන් තුළින් සහ දේශපාලන ක්‍රියාකාරීන් තුළින් පවා මතු වුණා.
මෙලෙස අසාධාරණ ලෙස සිරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිදහස් කළ යුතු බවට පාර්ලිමේන්තුව තුළ පවා හඬ නැගුණා.
දුමින්ද සිල්වාට සිදු වූ අසාධාරණය පිළිබඳ හඬ නැගූ සෑම කෙනෙකුගේම මූලික තර්කය වූයේ මෙය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතු කල රහස් පොලීසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ කූඨ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බවයි.
එය ඔහු විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොටු කිරීමට හිතා මතා සැලසුම් සහගතව කරන ලද්දක් බවට සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් අලුත් තොරතුරු සහ සාක්ෂි රන්ජන් රාමනායකගේ කාන්දු වූ රහසිගත දුරකතන සංවාද පට හරහා එළිදැක්වුණා.
මෙලෙස ඉස්මතු වූ කරුණු හරහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට බරපතල අසාධාරණයක් සිදු වී ඇති බවට සමාජ ක්‍රියාකාරීන් නැගූ ප්‍රබල හඬ හමුවේ මෙම නඩු තීන්දුව පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා මෙය දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන විශේෂ ජනාධිපති කොමිසමට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කලා.
අදාළ නඩු තීන්දුව සහ සාක්ෂි සම්පින්ඩනය විමර්ශනය කළ මෙම ජනාධිපති කොමිසම හමුවේ ද පොලිස් අධිකාරී ශානි අබේසේකර, දුමින්ද සිල්වා වැරදිකරු කිරිම සඳහා සිතාමතා කටයුතු කර ඇති බවට කරුනු හෙලිදරව් වුණා.
එමෙන්ම මෙම නඩු තීන්දුවට බලපෑම් කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විනිසුරුවරුන්ට දුරකථනය හරහා බලපෑම් කර ඇති බව මෙම ජනාධිපති කොමිසමේ දී හෙළිවු තවත් කරුනක්.
මෙහිදී සිදු කෙරුනු දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව ජනපති කොමිසමේ තීරණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට යම් අසාධාරණයක් සිදු වී ඇති බවටයි
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරනු ලබනවා.
නොකල වරදකට වසර 5 කට වැඩි කලක් වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටි දුමින්ද සිල්වා නිදහස් වන්නේ ඒ අනුවයි.