දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකළා කරයි

දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ හුලං කපොල්ල ග්‍රාම නිලධාරී වසමත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොළ ග්‍රාම නිලධාරී වසමේ අඹතැන්න වත්ත ප්‍රධාන කොටස සහ ක්ලෝ කොටස මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ තලෙයි මන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලෙයිමන්නාරම ජැටිය බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ කරවෙඩ්ඩි පොලිස් බල ප්‍රදේශයේ කරණවායි ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරුණා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගොල්ල වත්ත ඉහළ කොටස, පනාවැල්ල ග්‍රාම නිලධාරි වසමේ පැල්මඩුල්ල වත්ත අංක එක කොටස, අංක පහ කොටස, මෙන්ම කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක පහ කොටස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයේ 233 වත්ත සහ මහවත්ත පාර ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.