බැසිල්ට පාර්ලිමේන්තු එන්න අවස්ථාව දෙන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙන්න සූදානමින්

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වීමට සූදානම් වන බවට රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඔහුගේ ඉල්ලා අස්වීම හමුවේ පුරප්පාඩු වන අසුන බැසිල් රාජපක්ෂට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකුවේ අධිපතිවරයා ලෙසට පත් කිරීමට නියමිත බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.