චීන න්‍යශ්ටික අවි එකතුව ලෝක සාමයට තර්ජනයක්
චීනයේ න්‍යශ්ටික අවි ගබඩාව ලෝක සාමයට තර්ජනයක් වී තිබෙන බව එක්සත් ජනපදය ප්‍රකාශ කරනවා.
එරට ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ චීන හමුදා කටයුතු පිළිබඳ අධ්‍යයනය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ පිලිප් සෝන්ඩර්ස් ප්‍රකාශ කොට සිටියේ මෙම අවදානම ඉතා වේගයෙන් වැඩිවෙමින් තිබෙන බව යි. මේ හේතුවෙන් තරගකාරී එක්සත් ජනපද හා චීන හමුදා විසින් තායිවනයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.
පසුගිය දිනක චීන මාධ්‍ය ප්‍රචාරය කරනු ලැබුවේ චීනයේ මේ වන විශාලතම අපේක්ශාව බවට පත්ව තිබෙන්නේ එක්සත් ජනපදය හා සමානවම තමන්ගේ දිගු දුර න්‍යෂ්ටික මිසයිල අවි ගබඩාව පුළුල් කිරීම බවයි.
මේ අයුරින් චීනයේ වර්ධනය වන ආර්ථික, මිලිටරි හා දේශපාලන ශක්තිය, තාක්ෂණික අභිලාෂයන් නාවික හා ගුවන් හමුදාව තමන්ගේම න්‍යෂ්ටික බලවේගයන් ඇති කර ගැනීම සඳහා ඉතා සාර්තක බලපැමක් එල්ල කරමින් පවතී.
චීන රාජ්‍යයෙ රහසක් ලෙස පවතින බීජිනයේ න්‍යෂ්ටික අවි ගබඩාවේ ප්‍රමාණය හා අපේක්ෂිත වර්ධනය පිළිබඳව විශේෂඥ මතයන්ද කලින් කලට වෙනස් වේ. දනට ඇස්තමේන්තු කර ඇති පරිදි ආයුධ 200 සිට 350 දක්වා ස්ථානගත කර ඇති අතර ඉදිරි දශකය තුළ එම සංඛ්‍යාව දෙගුණයකින් හෝ තුන් ගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.