අසේල සම්පත් ඇප මත නිදහස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී ඔහු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

එන්නත්කරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සිදුකළ පැමිණිල්ලකට අදාළව ඔහු ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.