සිඩ්නි අගනුවර සංචරණ සීමා දීර්ඝ වේ
කොරෝනා වෛරසය ආසාදනය වී රෝගීන් වැඩිවීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ – සිඩ්නි අගනුවරට පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
එමෙන්ම, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශන පනවා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.