කොළොම්බියානු ජනපති වෙඩි ප්‍රහාරයකින් බේරෙයි

කොළොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක්ස් ගමන් කළ හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ වෙනිසියුලා දේශ සීමාව ආසන්නයේදී  මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම අවස්ථාවේ ජනාධිපතිවරයාට අමතරව, කොළොම්බියානු ආරක්ෂක ඇමතිවරයා ඇතුළු තුන්දෙනෙකු එම හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි සඳහන් වන්නේ.