ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට දින තීරණය කිරීම සතියකින්
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ ජූලි පළමු වනදා රැස්වන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ මීළඟ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුව දින ගණන ද එදිනට තීරණය කරනු ඇති බවයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි සමගි ජනබලවේගයේ විශ්වාසභංගය පසුගිය 22 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයාට භාර දෙනු ලැබුවා. ඊට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43 ක්.