අත් පා ගැටගසා හිසට වෙඩි තැබූ හංවැල්ලේ කට්ටඬියාගේ මළ සිරුර කැළණි ගගේ…

අත් පා ගැටගසන ලද පුද්ගල මළ සිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මළ සිරුරේ අත් දම්වැලකින් බැඳ අගුල දමා ඇති බවත් හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
පසුගියදා හංවැල්ල ප්රදේශයේ පුද්ගලයෙකු යකඩ දම්වැලකින් අත් ගැට ගසා අගුළු දමා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් තිබූ බවට හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
පොලීසිය සැක කරන්නේ මෙම මල සිරුර ඔහුගේ විය හැකි බවයි.