චීන වෙරලාරක්ෂක යාත්රා දෙකක් ජපාන මුහුදු සීමාව ආක්රමණය කරයි
චීන වෙරලාරක්ෂක බලකායට අයත් වෙරලාරක්ෂක යාත්රා දෙකක් යළිත් වරක් තම මුහුදු සීමාව ආක්රමණය කළ බවට ජපානය චෝදනා කරයි.
මෙය චීන යාත්රා මේ වසරේදී සෙනකාකු දූපත ආසන්න මුහුදු සීමාව උල්ලංඝනය කළ 20 වන අවස්ථාව බව සදහන් වේ.
නැගෙනහිර චීන මුහුදේ පිහිටි සෙනකාකු දූපත් කලාපය ජපානයට අයත් වුවත් චීනය එය දියායු නම් තමන්ට අයත් දූපත් සමූහයක් බවට ප්රකාශ කරයි.
ඒ අනුව චීනය විසින් වරින්වර සිය වෙරලාරක්ෂක යාත්රා මෙම කලාපය වෙත යොමු කරන අතර එහි ප්රතිඵලයක් ලෙස මෙම කලාපයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් පවතී.
ජපානය පවසන්නේ චීනය විසින් දිගින් දිගටම සිදුකරන මෙම ආක්රමණකාරී ක්රියා කලාපය හේතුවෙන් තමන් එම කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.