මීලඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජුනි 30

රුපියල් මිලියන 37,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජුනි 30 වනදා සිදුකෙරෙනවා.
මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 7,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 15,000ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 15,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.