මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ

නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිකර මෙරට තුළදීම සාරවත් කාබනික පොහොර නිෂ්පාදනයට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි අතිරේක ලේකම් ඩබ්ලිව්. එල්. ජී. සමරසිංහ කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට තුළ පවතින බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය තීරණය කිරීමත් සමඟ පොහොර නොමැති බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් චෝදනා කරනවා.

මේ වනවිට රජය මගින් කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණයද අත්හිටුවා ඇති අතර මෙරටට අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළම නිෂ්පාදනය කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.එල්.ජී. සමරසිංහ කියා සිටියේ ලබන කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි ලබා දීමට රජය සැලසුම් කරමින් සිටින බවයි.