තායිවානයට චීන බලපෑම වැඩියි – ජපානය

ජපාන අගමැති යොශිහිදා සුගා තායිවනය ස්වයංව පාලනය වෙමින් පවතින නමුත් චීනයෙන් තියුණු බලපෑමක් එල්ල වෙමින් පවතින රටක් ලෙස හදුන්වා තිබේ.

විපක්ෂ නායකයන් සමඟ පැවති පාර්ලිමේන්තු විවාදයකදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නව කොරොන වයිරස් පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ තායිවානය යන රටවල් තුන පෞද්ගලිකත්ව අයිතිවාසිකම් සඳහා දැඩි තහංචි පනවා ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ස්වයංව පාලනය වන තායිවානය සාමන්‍යයෙන් ජපානය කලාපයක් ලෙස හදුන්වයි.

එසේ තිබියදී චීනය විසින් මිලියන 24 ක ජනතාවක් වාසය කරන තයිවානයේ ස්වෛරීභාවය අහෝසි කරමින් සිටින අතර තායිවානයට ස්වාධීන වීමට අවශ්‍ය නම් යුද්ධ කල යුතු බවට තර්ජනය කොට තිබෙන බවද සුගා සදහන් කරයි.

නැගෙනහිර චීන මුහුද සම්බන්ධයෙන් සහ හොංකොං මර්දනය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ටෝකියෝ සහ බෙයිජිං අතර දැනටමත් මතභේද පවතින බැවින් සුගා මහතා මේ ආකාරයෙන් චීනය විවේචනය කර තිබේ.

ජපානයේ මෙම ප්‍රකාශ පිලිබදව චීනය දැඩි අප්‍රසාදය පල කොට තිබේ.

කෙසේ නමුත් ජපානය තායිවනය හා ජපානය අතර පවතින සබදතාවය තර කර ගනිමින් සිටින අතර එහි එක් පියවරක් ලෙස පසුගිය දින කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක් තායිවානයට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් චීනය ජපානයේ මෙම ක්‍රියාව දේශපාලනික ක්‍රියාවක් ලෙස විවේචනය කොට තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ ජපාන අගමැති සුගා අප්‍රේල් මාසයේ වොෂිංටන්හි පැවති සමුළුවේදී තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමයේ සහ ස්ථාවරත්වයේ වැදගත්කම පිලිබඳ සාකච්චා පවත්වා ඇති අතර එහිදී ඇමරිකානු ජනධිපතිද ජපාන අගමැතිගේ අදහසට එකගත්වය පල කොට තිබේ. වසර 52කට පසුව ජපාන සහ එක්සත් ජනපද නායකයන් තායිවානය පිලිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කල පලමු අවස්තාවද මෙය වේ.