ඇමරිකන් තානාපති ඩොලර් බිලියන 03ක ටෙන්ඩරය ඉල්ලා ගම්මන්පිලට බලපෑම් කරයි..

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඇමරිකානු ඉදිකිරීම් ආයතන වෙත ලබාදෙන ලෙස බලපෑම් කිරීම සඳහා ඇමරිකන් තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවී ඇත.

දැනට ශ‍්‍රී ලංකාවේ සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන්නේ 1969 දී ක‍්‍රියාත්මක කරන ලද තෙල් පිරිපහදුව පමණි. නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ලක් රජය 1983 දී සිට අසාර්ථක උත්සාහයක යෙදිණි. දැනට පවතින තෙල් පිරිපහදුව දිනකට අමු තෙල් බැරල් 38,000 ක් පිරිපහදු කරන අතර එම ප‍්‍රමාණය දිනකට තෙල් බැරල් 45,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදාගෙන යනු ලැබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට අමතරව දිනකට තෙල් අමු තෙල් බැරල් 100,000 ක් පිරිපහදු කළ හැකි නව යන්ත‍්‍රාගාරයක් ඉදිකිරීමට රජය කටයුතු යොදා ඇත.

මෙහි සම්පූර්ණ පිරිවැය ඇමරිකන් ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 60000 කි. ඒ අනුව එය මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කෙරෙන ඉදිකිරීම වනු ඇත.