යාපනය නල්ලූර් ප්රදේශයේ ගණිකා නිවාසයක් වටලා 6 ක් අත්අඩංගුවට
යාපනය නල්ලූර් ප්රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනව නල්ලූර් ප්රදේශයේ පවත්වාගෙන ගිය ලැගුම්හලක් මෙලෙස වටලා තිබේ.
එහි සිටි තරුණියන් දෙදෙනෙක්, තරුණයින් තිදෙනෙක් සහ ලැගුම්හලේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා යාපනය ගුරුනගර් සහ මාණිප්පායි ප්රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 24 වයස්හි පසුවන අතර තරුණයින් තිදෙනා අවුරුදු 30 ට අඩු යාපනයේ සහ උරුම්පිරායි ප්රදේශයන්හි පදිංචි කරුවෝ වෙති.