ඊයේ පුද්ගලයින් 49,703 කට කොරෝනා එන්නත්

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 49,703 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 29,327 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 20,345 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 31 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1565,521 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 513,195 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 3 72,899 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 14,425 ක්.