අමෙරිකාවට සහ කැනඩාවට වාර්තාගත උෂ්ණත්වයක්

අමෙරිකාවෙන් සහ කැනඩාවෙන් වාර්තාගත අධික උෂ්ණත්ව තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ වොෂින්ටනය සහ කැලිෆෝනියා ප්‍රාන්තවලට සෙල්සියස් අංශක 40 ඉක්ම වූ උෂ්ණත්වයක් මෙලෙස වාර්තා වී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ඉක්මවා ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

තවදුරටත් උෂ්ණත්වය ඉහළ ගියහොත් වයෝවෘද්ධ පුද්ගලයින් මියයාමේ අවදානමක් පවතින බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.