කහ කන්ටේනර් 50ක් වරායේ ගොඩගැහිලා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජනතාවට පීඩනයක් වී ඇති කහ හිඟයට පිළියමක් ලෙස ආනයනය කරන ලද කහ තොග ජනතා පරිභෝජනය සඳහා නිදහස් කරන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දී ඇත්තේ, මේ වන විට කහ කන්ටේනර් 50ක් පමණ වරායේ ගොඩගැසෙමින් ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම කන්ටේනර් 50ක ඇති කහ තොගය නිදහස් කළහොත් රජයට රුපියල් කෝටි 10කට අධික ආදායමක් ද හිමි වනු ඇති බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ අතර, විවිධ පිටි වර්ගවලට ඩයි වර්ග මිශ්‍ර කරමින් කහ අලෙවි කරන කූට ජාවාරම්කරුවන් පිළිබඳව සොයා බලා පියවර ගන්නා ලෙස ද එමගින් ඉල්ලීමක් කර ඇත.