අසාද් සාලිට එරෙහිව අධි චෝදනා
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාර්තු 9 වනදා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයට එරෙහිව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා ගොනුකර ගොනු කර ඇති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අසාත් සාලි මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම දැනුම්දීම සිදු කළ බවයි අප වාර්තා කරු සඳහන් කළේ.