පත්තර කියන කතා බොරු! මම ඇමැතිකම් ඉල්ලලත් නෑ!! ඇමැතිකමක් ගන්නෙත් නෑ! !! මෛත්‍රීපාල

පරිසර අමාත්‍ය ධූරය තමන් විසින් ඉල්ලා ඇති බවටත්, එම අමාත්‍ය ධූරයේ තමන් දිව්රුම් දෙන බවටත් ඇතැම් පුවත්පත් පළ කොට ඇති ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවෙන් තමන් තනතුරු ඉල්ලා නැති බවත්, කිසිදු තනතුරක් ගැනීමට තමන් බලාපොරොත්තු නෙවන බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම නිවේදනය හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තැබීමටද පියවර ගෙන ඇත.